ඡන්දය ගැන පෙත්සම් විභාගයට අවසර නොදී ප්‍රතික්ෂේප කරයි
Tuesday, 02 June 2020 - 15:16 | Views - 750
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ යෝජිත මහමැතිවරණය ජුනි 20 වනදා පැවත්වීමේ ගැසට් නිවේදන බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර නොදීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු මොහොතකට පෙර තීරණය කළා
දින 10 ක කාලයක් මීට අදාලව ඉදිරිපත් වී තිබූ පෙත්සම්වල අඩංගු කරුණු, අගවිනිසුරු ජයන්ත ජයසුරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමෙන් අනතුරුවයි අද මෙම ඒකමතික නියෝගය ලබාදුන්නේ.
අද දිනයේදී මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට අදාළ පෙත්සම් ගොනුකළ පාර්ශවයන් මෙන්ම අතරමැදි පෙත්සම් ගොනුකළ පාර්ශවයන් ද ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයට පැමිණ සිටියා.
මේ අතර ජනපති, විධායක ජනාධිපතිවරයා ලෙස මෙතෙක් කළ ක්‍රියාවන් නිත්‍යානුකුල බව මෙයින් කියවෙන බව නියෝගයෙන් පසු ජනාධිපති නීතිඥ අලි සබ්රි මාධ්‍ය හමුවේ සඳහන් කළා.
අධිකරණ වාර්තාකරු පැවසුවේ පෙත්සම් ගැන ඉදිරිපත් වූ මූලික විරෝධතාද විනිසුරුවරුන්ගේ බහුතර තීන්දුවෙන් ප්‍රතික්ෂේප වූ බවයි.
Share This Article