ක්‍රිකට් ලෝකයේ වැඩ පෙන්වන, දෑත් අහිමි වූ අමීර් -[VIDEO]
Tuesday, 02 June 2020 - 15:00 | Views - 483
ශරීරයේ සියලු අවයව හොදින් තිබියදීත් ඇතැම් අභියෝග හමුවේ බොහෝ දෙනා කණගාටුවට පත් වෙනවා. මේ කියන්න යන්නේ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන වීඩියෝවක් ගැනයි. එහි කතා නායකයාගේ නම අමීර්. අනතුරකින් ඔහුට දෑත් අහිමි වෙනවා.
කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩාව ඔහුට පුරුදු කර තිබෙන්නේ පියායි. පියාගේ උදව්ව ශක්තියක් කරගත් අමීර් දෑත් අහිමිව තිබියදීත් උරහිස ආධාරයෙන් ක්‍රිකට් ක්‍රීඩා කරනවා පිතිකරුවෙක් හැටියට. ඒ විතරක් නෙමෙයි ඔහු දක්ෂ පන්දු යවන්නෙක්.
පන්දු යවන්නේ පාදයෙන්. මේ වෙද්දී ඔහු සිටින ප්‍රාන්තයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයාත් ඔහුයි. ඔහුගේ ධෛර්යය අගයමින් බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයින් ඔහුගේ කතාව twitter ඔස්සේ හුවමාරු කරගෙන ඔහුට ශක්තියක් හිමි වෙන්න ප්‍රර්ථනා කර තිබෙනවා.
එය පහතින්
Share This Article