සුප්‍රකට Breaking Bad කතාමාලාව කොපි කරමින්, මහා පරිමාණයෙන් ජාවාරම් කළ, පොලිස් නිලධාරියෙක් මාට්ටු
Tuesday, 02 June 2020 - 14:34 | Views - 635
Breaking Bad කියන්නේ ලෝකයේ Ratings-වලින් ඉදිරියෙන්ම තියෙන රූපවාහිනි කතා මාලාවක්..
 
මේ කතා මාලාව තුළ අපිට මුණ ගැහෙන්නේ රසායන විද්‍යාව උගන්වන ගුරුවරයෙකු විසින් කාටත් හොර රහසේ පවත්වාගෙන යන ජාවාරමක් ගැන කතාවක්..

මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලෙන මේ පිළිකා රෝගී ගුරුවරයා අවසානයේ ප්‍රකෝටිපතියෙක් බවට පත් වෙනවා.
 
හොඳයි.. අපි දැන් Breaking Bad කතාව අමතක කරමු.. මේ කියන්න හදන්නේ මේ රූපවාහිනි කතා මාලාව පාදක කරගෙන එවැනිම ජාවාරමක් කරන් ගිය පොලිස් නිලධාරියෙකු ගැනයි.
 
39 හැවිරිදි මේ පොලිස් නිලධාරියා නමින් පී. ඩැනියෙල් අයිම්සන්. ඔහුගේ සුරූපී බිරිඳ තමයි රේචල්.
 
තමන්ගේ ජාවාරමට පින්සිද්ධ වෙන්න මොවුන් දෙදෙනා ඉතාමත් සුඛෝපබෝගී ජීවිතයක් ගත කර තිබෙනවා.
 
2017 දී යම් ජාවාරමකට වරදකරු වූ ඔහුට වසර හයක සිරදඬුවම් පමුණුවා තිබෙනවා.
 
කෙසේ හෝ රැකියාව ද අහිමි වූ පසු ඔහු Breaking Bad නම් සුප්‍රකට කතා මාලාව අනුව යමින් මත්ද්‍රව්‍ය තොග වශයෙන් අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
 
ඔහු විසින් ගංජා ගොවිපළවල් දෙකක්ද වගා කර ඇති බවයි ඩේලිමේල් පවසන්නේ.
 
ඔහු කොතරම් මුදල් හම්බ කළාද කිවහොත් ඔහුගේ නමින් පමණක් නොව ඔහුගේ බිරිඳගේ නමින් බැංකු ගිණුමක් අරඹා ඊටද මුදල් එකතු කර තිබෙනවා.
 
ලන්ඩනයේ මේෆෙයාර්හි ඩෝර්චෙස්ටර් හෝටලයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකදී ඔහු ඩොලර් 540කට වැඩි මුදලක් වියදම් කර ඇති බව හෙළි වී තිබෙනවා.
 
කෙසේ වෙතත් පොලිස් නිලධාරියා ජාවාරම් සම්බන්ධයෙන් තමා වැරදිකරු යැයි පිළිගෙන තිබෙනවා.
 
මේ වැරදි සම්බන්ධයෙන් ඔහුට තවත් වසර ග‍ණනක සිර දඬුවම් නියම වේවි යැයි විදෙස් මාධ්‍ය පවසනවා.
 
ඔහුගේ සුරූපී බිරිඳටද මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නමුත් ඇය ඒවා ප්‍රතික්ෂේප කරනවා. කෙසේ වෙතත් මේ යුවළ දැන් දෙකඩ වී ඇති බව සඳහන්.
 
මෙම අති විශාල ජාවාරම අන්තර්ජාලය හරහා මෙහෙයවා ඇති අතර වෙබ් අඩවි ගණනාවක් හරහා අලෙවි කිරීම් සිදු කර තිබුණා.
 
අයිම්සන්ව ග්‍රේටර් මැන්චෙස්ටර් පොලිසියෙන් නෙරපා හැර ඇත්තේ 2017 වසරේදීයි.

Dailymail ඇසුරිනි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top