කොරෝනා නිසා සංචාරක කර්මාන්තයේ ආදායම, 70%කින් පහළට
Tuesday, 02 June 2020 - 14:13 | Views - 557
පසුගිය මාර්තු මාසයේ මෙරට ආනයනයන් ඇමරිකානු ඩොලර් බිලියන 1.2 දක්වා සියයට 30 කින් පහත වැටී ඇති බව මහබැංකු වාර්තා පෙන්වා දෙනවා.
එහිදී ඉන්ධන ආනයනය සියයට 41 කින් ද, රෙදිපිලි ආනයනය සියයට 24 කින්, යන්ත්‍රෝපකරණ ආනයනය සියයට 39 කින් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ආනයනය සියයට 46 කින් පහත වැටීම විශේෂත්වයක්.
පසුගිය මාර්තු මාසයේදී වාහන ආනයනය ද ඩොලර් මිලියන 72 සිට 39 දක්වා පහත වැටුණා. මහබැංකුව සඳහන් කරන පරිදි මාර්තු මාසයේ අපනයන ආදායම ද ඩොලර් මිලියන 531 දක්වා සියයට 40 කින් පහත වැටී තිබෙනවා.
එහිදී රෙදිපිලි සහ ඇගලුම් අපනයන ආදායම සියයට 41 කින් සහ තේ අපනයන ආදායම සියයට 50 කින් පහත වැටී ඇති බවයි මහබැංකු වාර්තා සඳහන් කළේ.
මාර්තු මාසයේ සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ආදායම ද ඩොලර් මිලියන 135 දක්වා සියයට 70 කින් පමණ පහත වැටුණා.
ජනවාරි සිට මාර්තු දක්වා වසරේ පළමු කාර්තුව සැලකූ විට මෙරට අපනයනයන් ඩොලර් බිලියන 2.65 දක්වා සියයට 16 කින් ද ආනයනයන් ඩොලර් බිලියන 4.5 දක්වා සියයට 6.5 කින් ද පහත වැටී තිබෙනවා.
Share This Article