චණ්ඩ මාරුතයෙන් ආදරයේ සංකේතය ටජ්මහල් මන්දිරයට හානි
Tuesday, 02 June 2020 - 11:35 | Views - 563
සිකුරාදා රාත්‍රියේ උතුරු ඉන්දියාව හරහා හමා ගිය චණ්ඩ මාරුතයට මැදිවූ අග්‍රා නුවර ලෝක ප්‍රකට ටජ්මහල් මන්දිරයේ යමුනා ගඟ පිහිටි පාර්ශ්වයේ අත්වැල් ප්‍රාකාර වැටක කිරිගරුඬ සහ රක්ත පාෂාණමය කොටස් කිහිපයක් කඩා වැටී ඇත. ලෝකයේ පුදුම හතට අයත් මෙම විස්මිත මැදුරේ ප්‍රධාන ශාලාවට හෙවත් සොහොන් ගැබට පිටුපස පිහිටි එම අත්වැල් ප්‍රකාරය එහි ගෝලාකාර පංච ශිඛරයන්ට පහතින් පිහිටා තිබේ. මන්දිරයේ ප්‍රධාන කොටසට හානි සිදුව නැතැයි එහි භාරකරුවෝ පවසති.

ඉන්දියාවට එන සංචාරකයන් අතර ඉහළම ආකර්ෂණය දිනාගත් පුරාවිද්‍යාස්ථානය වන මෙය කොවිඩ්  වසංගතය නිසා මාර්තු මැද සිට ජනතාවට විවෘත වූයේ නැත. කෙසේ වෙතත් සිකුරාදා සිදුවූ කුණාටුව සහ අසනි වර්ෂාව නිසා උත්තර ප්‍රදේශයේ පුද්ගලයෝ 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

යථෝක්ත අත්වැල් ප්‍රාකාරය මතට ඇද වැටී ඇත්තේ පසෙක තිබූ ආධාරක වානේ පලංචියකි. සිදුවී ඇති හානිය පිළිසකර කිරීම සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 20ක් පමණ වැය වනු ඇතැයි එරට පුරාවිද්‍යා ගවේෂණ ආයතනය ඇස්තමේන්තු කර ඇත.

විනාශ වූ කිරිගරුඬ පුවරුව අඩි 9ක් දිගු වන අතර රක්ත වර්ණ වාලුක පාෂාණ කොටස අඩි 6ක් දිගය. බටහිර දිශාවේ දැවමුවා ද්වාරය පොළොවෙන් මඳක් ඉදිරී තිබේ. පැයට කිලෝමීටර් 125ක පමණ වේගයෙන් හමාගිය කුණාටු සුළඟ නිසා සංචාරකයන් රැඳී සිටින ශාලාවක පියෙසි ආස්තරණයකටද හානි සිදුවී ඇතැයි පුරාවිද්‍යා නිලධාරී වසන්ත් කුමාර් ස්වර්ණකාර් ප්‍රංශ පුවත් සේවය සමඟ පැවැසීය.

ෂා ජහන් නම් මෝගල් අධිරාජයා විසින් 1631දී දරු ප්‍රසූතියක් අතරතුර මිය ගිය සිය ආදරණීය බිසව පිළිබඳ සිහිවටනයක් ලෙස ගොඩනඟන ලද මෙම සොහොන් ගර්භය ආදරයේ සංකේතයක් ලෙස ගරු බුහුමනට පාත්‍ර වන්නකි.

Taj Mahal damaged in deadly India thunderstorm
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top