සංචාරක නියෝජිතයින් ගෙන එන සංචාර සඳහා සේවා සැපයීම් වැට් බද්දෙන් නිදහස්
Tuesday, 02 June 2020 - 11:28 | Views - 436
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයින් මෙරටට ගෙන එන සංචාර සඳහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කර තිබෙනවා.
කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පසුගිය අප්‍රේල් මස 1 වන දා සිට එය ක්‍රියාත්මක බවයි.
සංචාරක නියෝජිත ආයතනවල ඉල්ලීම් සලකා බැලීමෙන් පසු ඊට අදාළව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය දා අනුමැතිය හිමි වුණා.
කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම සඳහා රජය මෙම පියවර ගත් බවයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
Share This Article