සිසුවිය ඔයට පැන්නාද? නැතිනම් වැටුණාද? - උසස් පෙළ පෙනි පෙනී, සියල්ලන්ටම අභිරහසක් ඉතිරි කරමින්, නොඑන ගමන් ගිය ඉෂාරා
Tuesday, 02 June 2020 - 11:18 | Views - 602

ගල්ගමුව - උස්ගල සියඹලන්ගමුව යුනිට් 5 ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකගේ මළ සිරුරක් ඇය පදිංචිව සිටි නිවෙස අසල පිහිටි ඔය අසල තිබී හමු වූ බව ගල්ගමුව පොලිසිය පවසයි.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ උස්ගල සියඹලන්ගමුව ගැමුණු මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි ඉෂාරා ප්‍රබෝධනි නමැති ශිෂ්‍යාවකි.
ඇය මෙවර අගෝස්තු මස පැවැත්වෙන උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට සූදානම්ව සිටි අයෙකි.
දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක බාල දියණිය වූ ඇයට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙක් සිටියහ.
සිද්ධිය වූ 31 දින සවස ඇය නිවෙසේ දක්නට නොමැති බව දැනගත් පියා සහ සහෝදරයෝ ඇය වත්ත පහළ සහ නිවෙස අසලින් ගලා බහින උස්ගල සියඹලන්ගමුව ඔය අසල විපරම් කර බලද්දී ඇගේ දේහය ඉවුර අයිනේ ජලය මත තිබෙනු දැක ඇත.
අධ්‍යාපන කටයුතුවලට මෙන්ම විදුහලේ බාහිර කටයුතුවලටද මනා දක්ෂතාවකින් හෙබි වූ ඉෂාරාගේ මරණය කෙසේ වූවාදැයි සිතා ගැනීමට නොහැකි බව ප්‍රදේශවාසීන් පවසන අතර ඇය ඔයේ ජලයට වැටුණාද නැතිනම් සියදිවි නසාගත්තාද යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණ පවත්වයි.
ඇයගේ පාවහන් යුගලද ඔය අසල තිබී හමුවී ඇත.
මෙම හදිසි මරණය සම්බන්ධයෙන් ගල්ගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක ශාන්ත රණවීර මහතා විසින් පවත්වා මෘත ශරීරය කුරුණෑගල දිස්ත්‍රික් අධිකරණ වෛද්‍යවරයා වෙත පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කරන ලෙස පොලිසියට නියෝග කළේය.
ගල්ගමුව පොලිසිය මෙම මරණය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මහගල්කඩවල - එච්.එම්.සී. ඉලංගකෝන්
මව්බිම
Share This Article