මාළිගාවත්ත වෙඩි තැබීම ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Tuesday, 02 June 2020 - 10:57 | Views - 733
මාළිගාවත්ත, ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියේ තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ රාත්‍රියේ කොටහේන සුපිරි වෙළඳසැලක් අසළ දී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනු ලැබූවේ මෙරට නිෂ්පාදිත රිවෝල්වර ගිනි අවියක් ද සමඟයි.

සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලම්පිටිය සහ මාළිගාවත්ත ප්‍රදේශවලදියි.

පසුගිය මස 30 වන දා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 35 හැවිරිදි පුද්ගලයා මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top