නැගණිය මරාදැමූ අක්කා මීට පෙරත් ඇයට උපන් බිළිඳෙකු ඝාතනය කරලා
Tuesday, 02 June 2020 - 10:46 | Views - 3,500
ඌව කුඩාඔය තෙළුල්ල ජනපදයේ නයිගල්ආර ප්රදේශයේදී තම නැගණිය පොල්ලකින් ගසා මරාදැමූ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකාරිය මීට වසරකට පමණ ඉහතදී ඇයට උපන් දරුවෙකු උපන් හැටියේම ඝාතනය කැර වළදමා ඇති බැව් කුඩාඔය පොලීසිය මඟින් සිදුකර පරීක්ෂණවලදී අනාවරණයවී තිබේ.
සැකකාර කාන්තාවගේ බෑගයක ඇයගේ මවට ලියන ලද ලිපියක සඳහන් තොරතුරු අනුව ඇය විසින් ප්රසූත කළ දරුවා උපන් හැටියේම ගෙල මිරිකා මරා දැමූ බව සඳහන්වී තිබේ.
සැකකාර කාන්තාව සහ ඇයගේ අනියම් ස්වාමිපුරුෂයා මීට වසරකට පමණ ඉහතදී හෙට්ටිපොළ ප්රදේශයේ කුකුළ් ගොවිපොළක සේවය කර ඇති අතර එහිදී ඇයට ලැබුණු දරුවෙකු උපන් හැටියේම ගෙල මිරිකා මරා දමා අනියම් පුරුෂයාගේ සහාය ඇතිව ඔවුන් නවාතැන් ගෙන සිටි කාමරයක පිටුපස වළදමා ඇති බව හෙළිවී තිබේ.
මේ පිළිබඳව හෙට්ටිපොළ පොලීසියට දැනුම්දී තිබෙන අතර වළදමා ඇති දරුවාගේ මළ සිරුර සොයා ගැනීමට පරීක්ෂණ ආරම්භ කැර ඇත.
කුඩාඔය පොලිස් ස්ථානාධිපති එස්.ඒ.සී ප්රසාද් මහතා සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
බිබිල නඳුන් ගුණතිලක
මව්බිම
Share This Article