පරණ පෙම්වතා ගෙට පැන පෙම්වතියට හා ඇගේ අලූත් පෙම්වතාට පහර දීලා
Tuesday, 02 June 2020 - 10:40 | Views - 4,362
අකුරැස්ස ප්රදේශයේදී ඇඟලූම් සේවිකාවකගේ නිවසට ඇතුළු වූ ඇගේ පරණ හිතවත්කම් පැවැත්වූ බවට කියන පුද්ගලයකු ඇය විවාහ ගිවිස ගැනීමට සිටි පුද්ගලයකුට ද එම කාන්තාවටද පහරදී රුපියල් 15000 ක් වටිනා රන් මාලයක් සහ රුපියල් 21000 වටිනා ජංගම දුරකථන 3 ක්ද කොල්ල කෑ බවට කියන සිද්ධියක් සම්බන්ධව අකුරැුස්ස පොලිසියට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ පැවැත්වේ.
සැකකරු මෙයට වසර 6 කට පමණ පෙර සම්බන්ධතාවයක් පැවැත්වූ අය බවත් එම සම්බන්ධතාවය යම් හේතූන් නිසා නතරවී තිබී ඇති බවද පසුව පහරකෑමට ලක්වූ බවට කියන පුද්ගලයා හා ඇය සිද්ධිය වූ දින විවාහ ගිවිස ගැනීමට තිබූ බවට ද පවසා ඇත.
Share This Article