බොලිවුඩ් සිනමාවේ පෙරළියක් කරපු සුරූපී නිළි ඊෂා ගුප්තාගේ ව්‍යාපාරික පෙම්වතා ගැන හෙළිවෙයි
Tuesday, 02 June 2020 - 8:34 | Views - 310
බොලිවුඩ් සිනමාවේ දැවැන්ත පෙරළියක් කළ නිළියක් තමයි ඊෂා ගුප්තා කියන්නේ.
 
ඇය මේ වන විට 2012 Jannat 2, Chakravyuh (2012), Humshakals (2014) Raaz 3D (2012), Rustom (2016), Baadshaho (2017) Dhamaal (2019) යන මේ චිත්‍රපට හරහා ඉන්දියානු ප්‍රේක්ෂකයින් වසඟ කරගන්නට සමත් වූ නිළියක්.
 
1985 නොවැම්බර් 28 වැනිදා නව දිල්ලියේදී උපත ලැබූ ඇයගේ වයස 34ක්.
 
ඇය 2007 වසරේ පටන් නිළියක් වගේම නිරූපණ ශිල්පිනියක් ලෙසිනුත් කටයුතු කරනවා.

ෆෙමිනා මිස් ඉන්ඩියා තරගයෙන් අනතුරුව හින්දී සිනමාවට යොමුවෙලා තියෙන ඇයගේ මව ගෘහනියක් වන අතර තාත්තා ගුවන් හමුදා නිලධාරියෙක්.
 
මේ දිනවල ටෙලි නාට්‍යය නිළියක් ලෙස ජනප්‍රියතව සිටින ඉන්දීය සිනමා නිළි ඊෂා ගුප්තාගේ පෙම්වතා කවුද කියලා යම් රාවයක් මතුව තිබෙනවා..
 
කාලයක් තිස්සේ ඊෂා සිය පෙම්වතා ගැන සඳහන් කරත් ඔහු කවුද කියලා ඇය හෙළිකලේ නැහැ.
 
කෙසේ වෙතත් මේ වන විට ඇගේ පෙම්වතාගේ තොරතුරු ඉන්දියානු මාධ්‍ය හෙළිකර තිබෙනවා.
 
මීට දින කිහිපයකට පෙර ඊෂා සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම තුළ ඇය හා පෙම්වතා සිටින ඡායාරූපයක් ප්‍රසිද්ධ කර තිබුණා.
 
කාලයක සිට ඇය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇත්තේ ස්පාඤ්ඤ ජාතිකයෙකු වන මැනුවෙල් කැම්පොස් සමගයි.
 
ප්‍රසිද්ධ ව්‍යපාරිකයෙකු වන මැනුවෙල් මීට වසර දෙකකට පෙර ඊෂා සමගින් ප්‍රේම සම්බන්ධයක් පටන් ගෙන ඇති බවයි පැවසෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top