දෙනෝදාහක් යන එන ගල්කිස්සේ වෙරළේ කොරෝනා මැද සිදුවූ රටම කතාවෙන වෙනස ගැන අද හෙළිවූ කතාව (වීඩියෝ)
Monday, 01 June 2020 - 20:26 | Views - 524
දෙනෝදාහක් යන එන ගල්කිස්සේ වෙරළේ කොරෝනා මැද සිදුවූ රටම කතාවෙන වෙනස ගැන අද හෙළිවූ කතාව
ගල්කිස්සේ පිරවූ වෙරළ තීරය අසාර්ථක ව්‍යාපෘතියක් නොවේ - වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව(වීඩියෝ)

ස්වභාවික සුන්දරත්වයෙන් පිරුණු දෙස් විදෙස් සංචාරකයින් අතර බොහෝ සෙයින් ජනප්‍රිය ගල්කිස්ස වෙරළ තීරයේ ඛාදනය අවම කර ගැනීම සඳහා රුපියල් මිලියන ගණනක වියදමින් ඉදිකළ කෘත්‍රිම වැලිපෝෂණ ව්‍යාපෘතිය අසාර්ථක නොවන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය දින කිහිපය තුළම හිරු ප්‍රවෘත්ති අංශය ඒ පිළිබඳව සොයා බැලීමක් සිදුකළ අතර එහිදී දැක ගත හැකි වූයේ ඉදිකළ කෘත්‍රිම වැලිපෝෂක මුහුදු ඛාදනයට ලක්ව ඇති බවයි.

ගල්කිස්ස කෘත්‍රිම වැලිපෝෂණ ව්‍යාපෘතිය පසුගිය අප්‍රේල් මස 16 වනදා ආරම්භ වූ අතර, අප්‍රේල් 22 වනදා එය නිමාවට පත් වුණා.

රත්මලාන වෙරළ තීරයේ සිට කිලෝමීටර් 6 ක් ඈතින් පිහිටි වැලි නිධියකින් ගල්කිස්ස වෙරළ තීරයට වැලි මීටර් කියුබ් එක්ලක්ෂ 50,000 ක් පමණ පොම්ප කිරීම සිදුවූයේ ඒ අනුවයි.

ඒ සඳහා රුපියල් කෝටි 89 ක් වැය වී ඇති බව ද සඳහන්.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ද මේ පිළිබඳව අදහස් පළ වූ අතර එහි ලේකම් නීතිඥ සාගර කාරියවසම් කියා සිටියේ මෙම ක්‍රියාවලිය නිසි නීතිමය පටිපාටියකට අනුව සිදුව ඇත්දැයි සොයා බලන බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top