පාඨලී චම්පික සම්බන්ධ රාජගිරියේ රිය අනතුරට අදාළව වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් දැනුම්දීමක්
Monday, 01 June 2020 - 16:16 | Views - 547
වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති, සහකාර පොලිස් අධිකාරී, සුදත් අස්මඩල අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට අද දැනුම් දී තිබෙනවා.
ඒ, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සම්බන්ධ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මතයි.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනිතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළේ වරෙන්තුවක් ලබාගෙන හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා මෙලෙස කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම් දී ඇති බවයි.
Share This Article