කළු ජාතිකයෙකු අමානුෂිකව මහ මඟ මරා දැමූ, පොලිස් නිලධාරියාට අත් වූ ඉරණම -සුරූපි බිරිඳත් ඔහුව අතහැර යයි - Photos
Monday, 01 June 2020 - 13:12 | Views - 856
George Floyd නමැති කළු ජාතිකයා ඝාතනය කිරීමේ චෝදනාවකට ලක්ව සිටින සුදු ජාතික පොලිස් නිලධාරීයාගේ බිරිඳ ඔහුගෙන් දික්කසාද වීමට ඉල්ලුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
 
ඇයගේ නීතිඥවරයෙකු ප්‍රකාශයක් උපුටා දක්වමිනුයි එම මාධ්‍ය වාර්තා කළේ.

Mrs. Minnesota වන ඇය සිය සැමියා විසින් අදාළ සිද්ධිය සිදු වූ දිනයේම දික්කසාදවීම අපේක්ෂා කරන බවට ප්‍රකාශ කළ බව ද සඳහන්.
 
ෆ්ලොයිඩ්ගේ මරණයෙන් තමන් ඇතුළු පවුලේ සියලු දෙනා මේ සම්බන්ධයෙන් අතිශයින් දුක්වන බවයි ඇය කියා සිටියේ.
 
චෝදනා ලැබ සිටින ඩෙරෙක් චාවින්ගේ බිරිඳ ඇයගේ පවුලේ සාමාජිකයින් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
 
අදාළ සිද්ධිය හේතුවෙන් එරට තුළ දැවැන්ත විරෝධතා ආරම්භ වී ඇති පසුබිමක තමන් පවුලේ අයට අවශ්‍ය ආරක්ෂාව ද ලබා දෙන ලෙස ඇය ඉල්ලා ඇති බව ද වාර්තා වනවා.
 
44 හැවිරිදි පොලිස් නිලධාරීයා අත්අඩංගුවට ගත් අතර එහිදී ඔහු ඇප මත මුදා හැරීමට නියම කළ මුදල ඇමෙරිකානු ඩොලර් 500,000 ක්.
 
කෙසේ නමුත්, සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව මිනී මැරුම් චෝදනා යටතේ නඩු ගොනුකරන ලෙසයි එම සිද්ධියෙන් මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුලේ ඥාතීන් ඉල්ලා සිටියේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top