එක් කාලයක් බොලිවුඩයේ ඇය නැතිවම බැරි චරිතයකි. කල් හෝ නා හෝ, වීර් සාරා වැනි චිත්‍රපට වාර්තා පිට වාර්තා තැබූ අතර ජනප්‍රියම නිලිය,හොඳම නිළිය වැනි සම්මාන සදහා ඇයගේ නම නිර්දේශ නොවූ සම්මාන උළෙලක් නොවූ තරම් ය. ඇය සුරූපිණියකි, වල ගැහෙන කම්මුල් වල උරුමක්කාරියකි. චිත්‍රපට එකක් අවසන් වෙද්දී තවත් එකක් ලැබෙන්නට තරම් ඈ වාසනාවත වූයේ ඇයගේ රූපය හැකියාව සමග හරි හරියට මුසු වූ බැවිනි...
'ප්‍රීති සින්ටා ' සිනමාලෝලින්ගේ ආකර්ශනය නොමදව ලබාගත් අති සාර්ථක නිළියකි..
ඉන්දියානු ප්‍රීමියලීග් තරගාවලියේ පටන් ගැන්මත් සමගම ඇය Kings XI Punjab කණ්ඩායමේ හිමිකාරිය වන්නේ ඉන්දියාවේ සුප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයකු වූ නෙස් වාඩියා ඇයගේ පෙම්වතා වීමත් සමගය. ඒ වන විටත් ඇය ඇමරිකානු ඩොලර් මිලියන 135ක දළ ආදායමක් හිමි කාන්තාවක්. නෙස් වාඩියාගේත් ප්රීතිගේත් ආදර සම්බන්ධය බොලිවුඩය පුරා පැතිරගියේ ගින්නක් මෙනි.
' මට කිසිම ප්‍රශ්නයක් නෑ නෙස් වාඩියා ප්‍රීති සින්ටා නෙවෙයි සීබ්රා කෙනෙක් බැන්දත්' ආරංචිය සැලවීමත් සමගම මොරීන් වාඩියා එහෙමත් නැතිනම් නෙස්ගේ මව මාධ්‍යට දුන් උත්තරය එයයි.
නෙස්ගේත් ප්රීතිගේත් ආදර සම්බන්ධයේ මුල් අවදිය බොහෝම සතුටින් ගත විය. කොයි තරම් මිල මුදල් තිබුනත් ඇතැම් මිනිසුන්ගේ තිරිසන් ගති ඉවත් නොවන බවට දැකිය හැකි හොඳම උදාහරණය නෙස් වාඩියාය. නෙස් ප්‍රීති සින්ටාට ප්‍රසිද්ධියේ බැන්නේය, ගුටි බැටවල නිමක් නොවීය, ගෘහස්ථ හිංසනය අඩුවක් නොමැතිවම ප්‍රීති සින්ටා වින්දාය. ඔහුගේ කෙනෙහෙලිකම් මුලින් ඉවසුවත් අවසානයේ ඈ නීතියේ පිහිට පැතුවාය.. එහෙත් නෙස්ගේ බලපුලුවන්කාරකම් සහ මුදල් ඒ සියල්ල යට ගසන්නට සමත් විය.
"ප්‍රීති බොරුවට නෙස්ට චෝදනා කරන්නෙ"
මුලු බොලිවුඩයම ප්‍රීති සින්ටාට විරුද්ධව ඇඟිල්ල දිගු කලේ එලෙසය.
ප්‍රීති අවසානයේ බොලිවුඩ් සිනමාව ගැන පමනක් නොව මුලු ඉන්දියාව ගැනම කලකිරුණාය. එහි ප්‍රථිපලයක් විදියට ඇය ඇමරිකාව බලා සංක්‍රමණය වූවාය. බොලිවුඩයට තවත් දක්ෂ රංගන ශිල්පිනියක් අහිමිවූයේ එලෙසිනි. ඇමරිකාවට සංක්‍රමණය වන ඇයට ඇමරිකානු ජාතික Gene Goodenough හමුවෙයි. ප්රීතිගෙත් ජීන්ගෙත් ආදර කතාව පටන්ගන්නේ එලෙසිනි. නෙස් වාඩියා මෙන් කෝටිපතියෙකු නොවූ ජීන් වෘත්තියෙන් financial analyst කෙනෙකි. නමුත් නෙස් වාඩියාට වඩා ආදරය ,කරුණාව , ගැහැනියට සැලකීම ඉතා හොඳින් දන්නා කෙනෙකි..අවසානයේ ඔවුන් විවාහ විය.
' මගේ අතීතය, වර්තමානය, අනාගතය මේ හැමදේම ජීන්' ප්‍රීති මාධ්‍ය සාකච්ඡාවකදී සිය ස්වාමිපුරුෂයා පිලිබදව අදහස් දැක්වූයේ එලෙසිනි. මේ වන විට ප්‍රීති සින්ටා අතිශය සාමාන්‍ය නමුත් ආදරණීය ජීවිතයක් ජීන් සමග ගෙවයි. ඇය අනාථ වූ ගැහැණු දරුවන් 34 දෙනෙකුගේ මවකි.
සටහන: තක්ෂිලා ඒකනායක


