විවාහ ගිවිසගත් දාට පසු දිනම නැවත වැඩට ආවා - රෝහලක් තුළ විවාහ ගිවිසගත් ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු සහ අයර්ලන්ත ජාතික හෙදිය ගැන ඔබ නොදත් කතාව
Monday, 01 June 2020 - 10:24 | Views - 1,516
කොවිඩ් 19 වසංගතය මැඩලීම වෙනුවෙන් ලොවපුරා සෞඛ්‍ය කාර්යමණ්ඩල නිලධාරීන් කළ  කැපකිරීම් සුලු පටු නැහැ.
 
ඇතැමුන්ට ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් පවා සැළසුම් කළ පරිදි සිදුකරගැනීමට අපහසු වුණා.
 
කොවිඩ් 19 වසංගතය හමුවේ රෝහලක් තුළ විවාහ ගිවිසගත් ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු සහ අයර්ලන්ත ජාතික හෙදියක් පිළිබඳව අපට වාර්තා වුණේ එක්සත් රාජධානියෙන්.

මේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ශාන්ත තෝමස් රෝහලේ සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන 30 හැවිරිදි අනලාන් නවරත්නම්.
 
ඔහුගේ පෙම්වතිය එහ රෝහලේම සේවය කරන හෙදියක්.
 
34 හැවිරිදි ජෑන් ටිපින්ග් අයර්ලන්ත ජාතික තරුණියක්.
 
කොවිඩ් 19 වෛරසයට ගොදුරු වූ මිනිස් ජීවිත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මොවුන් දෙදෙනා කළ කැපකිරීම් සුලු පටු නැහැ.
 
පෞද්ගලික ජීවිතයේ බොහෝ ස්වර්ණමය අවස්ථාද එහිදී ඔවුන් කැපකළා.
 
ශ්‍රී ලංකාවේ සහ අයර්ලන්තයේ සිටින සිය ඥාතීන් සහභාගි කරවාගනිමින් අතිනත ගන්නට ඔවුන් සැලසුම් කර තිබුණද කොවිඩ් 19 වසංගතය ඊට හරස් වුණා.
 
තත්ත්වය තරමක් යහපත් අතට හැරෙමින් පැවතියද දෙපාර්ශ්වයේම නෑදෑයන් සහභාගිකරවා ගැනීම තවදුරටත් අනාරක්ෂිත බව  ඔවුන් තීරණය කළා.
 
තමන් සේවය කරන ලන්ඩන් නුවර ශාන්ත තෝමස් රෝහලේ දේව සභාවකදී මේ ආදරණීයන් යුවළ විවාහ ගිවිසගත්තේ ඒ අනුවයි.
 
ඔවුන් දෙදෙනා පිළිබඳව බ්‍රිතාන්‍යයේ මාධ්‍යයේ දැඩි අවධානයටද යොමු වූ අතර එක්තරා රූපවාහිණී නාලිකාවක මාධ්‍යවේදිනියක් නව යුවළගෙන් විවාහයෙන් පසු සැළසුම් පිළිබඳව අපූරු පැනයක් ඉදිරිපත් කළා.
 
මධු සමයට යන්න ඔබ දෙපළට නිවාඩු ලැබුණද?
පිළිතුර - නිවාඩු ලැබුණේ නැහැ. විවාහ ගිවිසගත් දාට පසු දිනම නැවත වැඩට ආවා
 
ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව පවා අසීමිත ලෙස කැපකරමින් කොවිඩ් 19 රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ක්‍රියා කරන මේ යුවළට බ්‍රිතාන්‍යය සෞඛ්‍ය ලේකම් මැට් හැංකොක් ද ට්විටර් සටහනක් තබමින් සුභපැතුම් පිරිනැමුණා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top