කටවල් දෙකක් පිහිටා ඇති ඉතා දුර්ලභ දරු උපතක් ගැන විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
මෙම ඇමරිකානු කුඩා දැරිය ඉපදී ඇත්තේ කටවල් දෙකක් සහිතවයි.
ඇගේ මුහුණේ ඇති වෙනස දුටුවත්, හරියටම මේ මොකද්ද කියලා වෛද්‍යවරුන්ට නිගමනය කරගන්න බැරි වූ බවත් මෙය කලාතුරකින් වන දෙයක් බවත් වෛද්‍යවරු පවසා තිබෙනවා.
එයටම ආවේණික දෙතොල්, කුහරයක්, දත් 6ක් වගේම කුඩා දිවකුත් ඒ අතර තිබූ බවත් සඳහන්.
මේ තත්තවයට කියන්නේ, Diprosopus කියලයි. මෙහි තේරුම, හිස් දෙකක් හෝ මූහුණේ අංග දෙවතාවක් වැඩිපුර පිහිටීම යනුවෙන්ද එකට හාවුනු නිවුන් දරුවන් ඉපදීමේදීත් මේ යෙදුම යොදනවා කියලත් පැවසෙනවා.
තවද 1900 වසරේ සිට මෙවැනි සිදුවීම් 35ක පමණක් වාර්තාවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.
කෙසේ වෙතත් මෙම අසාමාන්‍ය වූ මුඛය ඉවත් කිරීමට කළ සැත්කම සාර්ථක වී ඇති අතර සය මසකට පසු මෙම දැරියට සාමාන්‍ය තත්ත්වයට පැමිණිමට හැකිවී තිබෙනවා.
