මොණරාගල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
Monday, 01 June 2020 - 8:51 | Views - 980
මොණරාගල, තෙනගල්ලන්ද, මාරාව ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පවුල් ආරවුලක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මියගොස් ඇත්තේ 50 හැවිරිදි අයෙක්.
වෙඩි තැබීම සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
Share This Article