වැඩිමහල් සොහොයුරිය රෑ කෑම ගේන්න පරක්කු වුණා කියලා 40 හැවිරිදි මල්ලී පවුලක්ම රෝහලට යැවූ හැටි
Monday, 01 June 2020 - 8:26 | Views - 706
රාත්රී ආහාරය ප්රමාද වීම නිසා යාබද නිවසේ පදිංචිව සිටි තම වැඩිමහල් සොහොයුරියට සහ ඇයගේ ස්වාමි පුරුෂයාට මෙන්ම 6 හැවිරිදි දියණියට පහර දුන් පුද්ගලයෙකු පිළිබඳව වාර්තාවනවා.
මොහු ඊයේ රාත්රියේ මෙම පහරදීම සිදුකර ඇති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ පිරිස කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සැකකරු තල්පේ - කහවැන්නගම ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු වන බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් ඔහු කිසියම් මානසික ආබාධයකින් පෙළෙන බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
බිරිඳ හැර ගොස් ඇති නිසා මොහු යාබද නිවසේ පදිංචි සොහොයුරියකගේ නිවසින් ආහාරපාන ලබා ගන්නා බවට ද වාර්තා වුණා.
සැකකරු ගාල්ල මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙල හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසුව ජුනි මස 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
Share This Article