පොරවකින් පහර දී පියා ඝාතනය කළ පුතා සොයා පොලිස් මෙහෙයුම් (වීඩියෝ)
Sunday, 31 May 2020 - 12:14 | Views - 6,624
පොරවකින් පහරදී තම පියා ඝාතනය කර පළාගොස් ඇති පුත්‍රයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
බකමූණ පොලිස් අත්තනකඩවල, අක්කර 50 ප්‍රදේශයේදී මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 53 හැවිරිදි හය දරු පියෙක්.
දිනපතාම තම සැමියා බීමතින් පැමිණ තමාට සහ දරුවන්ට පහර දෙන බව මියගිය පුද්ගලයාගේ බිරිඳ පොලීසියට පවසා තිබෙනවා .
ඊයේ (30) රාත්‍රියේ ද අධික බීමතින් පැමිණි සැමියා තමාට සහ දරුවන්ට පහර දී නිවසෙන් පන්නා දැමීමට උත්සාහ කළ අවස්ථාවේ පවුලේ දෙවැනි දරුවා තම සැමියාට පහර දී පළා ගිය බවයි ඇය පොලීසිය හමුවේ ප්‍රකාශකර ඇත්තේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බකමූණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Share This Article