මොරටුවේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු STF අත්අඩංගුවට
Sunday, 31 May 2020 - 12:08 | Views - 257
මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ මාර්ග බාධකයක් ඉදිරිපිට පිහිටි ආපනශාලාවකට මෝටර් රථයකින් පැමිණ වෙඩි තබා එහි දේපළවලට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පානදුර - එළුවිල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, 34 හැවිරිදි ඔහු මොරටුව - අඟුලාන - සමුද්‍රාසන්න පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එම අවස්ථාවේදි ඔහු සතුව තිබූ ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු 2018 වසරේ මැයි මස 24 වනදා දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී රන්ජන් සිල්වා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර සිටින ප්‍රධාන සැකකරුද වනවා.
Share This Article