මොරටුවේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු STF අත්අඩංගුවට
Sunday, 31 May 2020 - 12:08 | Views - 258
මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ මාර්ග බාධකයක් ඉදිරිපිට පිහිටි ආපනශාලාවකට මෝටර් රථයකින් පැමිණ වෙඩි තබා එහි දේපළවලට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර - එළුවිල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ  මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, 34 හැවිරිදි ඔහු මොරටුව - අඟුලාන - සමුද්‍රාසන්න පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම අවස්ථාවේදි ඔහු සතුව තිබූ ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු 2018 වසරේ මැයි මස 24 වනදා දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී රන්ජන් සිල්වා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර සිටින ප්‍රධාන සැකකරුද වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top