ජාත්‍යන්තර දුම්කොළ විරෝධී දිනය අදයි
Sunday, 31 May 2020 - 9:17 | Views - 595
ජාත්‍යන්තර දුම්කොළ විරෝධී දිනය අදට යෙදී තිබෙනවා.

දුම්පානය කරන්නන් මෙන්ම එය නොකරන පුද්ගලයන්ද එහි අවදානමට ලක්වීම බරපතල තත්ත්වයක්.

මෙවර එහි තේමාව වන්නේ අනාගත පරපුර දුම්කොල භාවිතයට ඇබ්බැහිවීම වැළැක්වීමයි.

ලොව සියලූ රටවල මේ වනවිට දුම්පානය බරපතල අභියෝගයක් බවට පත්ව තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වසරකට මිලියන 8ක් දුම්පානය නිසා ඇති වන විවිධ රෝගාබාධයන් හේතුවෙන් මියයන බවයි.

ඒ අතරින් මිලියනයකට වැඩි පිරිසක් ඍජුව දුම්පානය නොකරන එහෙත් දුම්පානයට නිරාවරණය වීම නිසා ජිවිත අවදානමට ලක්වූ අය වීම විශේෂත්වයක්.

ක්‍රම ක්‍රමයෙන් වයස අවුරුදු 13ට වැඩි පාසල් දරුවන්ද දුම්පානයට යොමුවීමේ අභියෝගයකට ලෝකය මුහුණදෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකාවද මේ අවදානමට මුහුණ දෙන රටක්. කෙසේ වෙතත්, කොරෝනා ව්‍යාප්තිය සමඟ දුම්පානයට තිත තැබීමට මහඟු අවස්ථාවක් හිමිව ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ සඳහන් කළේ. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top