අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ අවසන් කටයුතු අද පස්වරුවේ
Sunday, 31 May 2020 - 9:12 | Views - 586
අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ හැටන් නෝර්වුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගනයේදී සිදුකිරිමට නියමිතයි.

ඊයේ පස්වරුවේ ඔහුගේ දේහය කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානය වෙත රැගෙන ගිය අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇදිරි නීතිය පනවා ඇති පසුබිමක වුවද විශාල පිිරිසක් මග දෙපස රැස්වෙමින් දේහයට අවසන් ගෞරව දැක්වු බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන්ගේ දේහය කොත්මලේ රම්බොඩ - වැවන්ටන් වතුයායේ පිහිටි නිවසේ ඊයේ පෙරවරුව තෙක් තැන්පත් කර තිබුණා.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය 26 වනදා ජිවිතක්ෂයට පත්වූ අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මිය යන විට 55 හැවිරිදි වියේ පසුවුණා.

මේ අතර, අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වය සම්බන්ධයෙන් තීරණය කිරීම පිළිබඳව එම පක්ෂයේ නියෝජිතයන් රැස්වී ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බව එහි උපදේශක මුත්තු සිවලිංගම් ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top