මාලිගාවත්තේ දී වෙඩි පහරට ලක්වූ පුද්ගලයා පාතාල සබඳතා ඇති අයෙකු බව හෙළිවේ (වීඩියෝ)
Sunday, 31 May 2020 - 8:28 | Views - 959
මාලිගාවත්ත - ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේදී වෙඩි වැදීමට ලක්ව මේ වනවිට කොළඹ ජාතික රෝහල් ප්‍රතිකාර ලබන පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සමග සබඳතා පැවැත්වූ අයෙකු බවට අනාවරණ වී තිබෙනවා.

ඊයේ පස්වරුවේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් 35 හැවිරිදි අබ්දුල් රවූෆ් නමැති මෙම පුද්ගලයා බරපතල තුවාල ලැබුවා.

එම නිවාස සංකීර්ණයේ පළමුවන මහලේ පදිංචි ඔහු කිසියම් පිරිසක් විසින් 10 වන මහලට කැඳවාගෙන ගොස් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඔහු, ඝාතනයට ලක්වූ මාමස්මි සහ දැනට ඉන්දියාවට පලාගොස් සැඟව සිටින බවට විශ්වාස කෙරෙන බයියා නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සමග සබඳතා පැවැත්වූ අයෙකු බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

2018 වසරේදී ද මොහුට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඇති නමුත්, එහිදී ඔහුට කිසිදු අනතුරක් සිදුව නැහැ.

වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයින් සොයා ඊයේ රාත්‍රිය වනතුරු පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදුකරනු ලැබුවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top