පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට ඡන්ද නාම ලේඛන තොරතුරු ගන්න ක්‍රම දෙකක්
Saturday, 30 May 2020 - 21:26 | Views - 892
ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අවශ්‍ය ඡන්ද හිමි නාම ලේඛන තොරතුරු ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට යාමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.
පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට අනුව, වසර 5 ක ඡුන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය තහවුරු කිරීමෙන් පදිංචිය සනාථ කිරීම සිදුකළ හැකියි.
ඒ අනුව, පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම සඳහා වන අයදුම්පත්‍ර සම්පූර්ණ කිරීමට අවශ්‍ය ඡන්ද හිමි නාමලේඛනයේ තොරතුරු ග්‍රාම නිලධාරින්ගෙන් හෝ මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිස ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කිරීමෙන් ලබා ගත හැකියි.
කොරෝනා අවදානම හේතුවෙන් මෙම තීරණය ගත් බව ද මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
Share This Article