මිහින්තලේ මන්ත්‍රීට පහරදුන් පිරිස සොයන්න කණ්ඩායම් 05ක්
Saturday, 30 May 2020 - 21:19 | Views - 636

මිහින්තලය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායම් 5 ක් යොදවා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
අදාළ පහරදීමට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 8 දෙනෙකු සම්බන්ධ බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
කෙසේ වෙතත්, අදාළ පිරිස මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.
පොදුජන පෙරමුණට බලය හිමි මිහින්තලය ප්‍රාදේශිය සභාවේ මාසික සභා රැස්වීම ඊයේ පැවති අවස්ථාවේ අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුව තිබුණා.
පහරකෑමෙන් තුවාල ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිහින්තල ප්‍රාදේශිය සභා මන්ත්‍රී උපාලි ආනන්ද අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු මේ වනවිටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර, පහරදීමට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා මිහින්තලය නගර මධ්‍යයේ අද විරෝධතාවක් ද පැවැත්වුණා.
අනතුරුව විරෝධතාකරුවන් මිහින්තලය පොලීසිය දක්වා පාගමනින් ගොස් ඒ - 9 මාර්ගය ද අවහිර කමින් විරෝධතාවයේ නිරත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Share This Article