මාලිගාවත්තේ වෙඩි තැබීමකින් තුවාල ලැබූ බවට සැක පුද්ගලයෙකු රෝහලට
Saturday, 30 May 2020 - 21:19 | Views - 692
මාලිගාවත්ත - ලක්ෂය සෙවණ මහල් නිවාස සංකීර්ණයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කළා.
පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ අදාළ පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බවට ද සැක කෙරෙන බවයි.
කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු 35 හැවිරිදි මෙම පුද්ගලයාගේ තත්ත්වය බරපතල බවයි එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ.
Share This Article