තමන් ගැන පැතිරෙන කටකතා වලට, සමිතා මුදුන්කොටුව පළමු වරට පිළිතුරු දෙයි - Photos
Saturday, 30 May 2020 - 15:58 | Views - 3,087
"එයාලා කරන්න ඕනි කලාකරුවන්ව වැරදියි කියලා පෙන්වන්න උත්සාහ කරන එක නෙමෙයි.."
 
"කොහොම වුණත් අපි අලුත් දෙයක් කළාම ඒ ගැන කතා කරමු !!"
 
සමිතා එරන්දතී මුදුන්කොටුව කිව්වම කවුද නොදන්නේ. ඇයගේ හඬට සුවහසක් දෙනා ආදරය කරනවාට සැකයක් නැහැ.
 
ඒ තරම් ඒ හඬ රසික ජනතාවට බැඳිලා. සමිතා ගැන මේ දවස්වල අමුතු කතා ටිකක් ඇහෙන්න අරගෙන. සමිතා ආයෙත් විවාහ වෙන්න යනවාය කියලා තමයි මේ හාව හූව පැතිරෙන්නේ.

ඇගේ පෙම්වතා යැයි කියන තරුණයා සමාජ මාධ්‍යවල ටික් ටොක් වීඩියෝවලින් ජනප්‍රිය වූ තරුණයෙක්.
 
මේ දිහාවට බොහෝ දෙනාගේ අවධානය යොමුවීම නිසා සමිතාට විවිධාකාරයේ මඩ ප්‍රහාරවලට ගොදුරු වෙන්න මේ දවස්වල සිදු වෙලා.
 
මේ කතාවල ඇත්ත නැත්ත දැනගන්න අපි සමිතාට කතා කළා. ඒ ඇයව අපහාසයට හෝ ඇයට නිග්‍රහ කරන්නට හෝ ඇයව විනිශ්චය කරන්නට නොවෙයි.
 
මේ මඩ ප්‍රචාරවලට ඇයගේ ප්‍රකාශයක් හේතු වූ නිසා ඇයගේ පසින් ලැබිය යුතු පිළිතුර දැන ගැනීමට. ඒ අවස්ථාවේදී ඇය පැවසුවේ මෙවැන්නක්.........
 
“ඇත්තටම මම ඔය ගැන කතා කරන්න කැමති නැහැ. මඩ ගහන අය කොහොමත් මඩ ගහනවනේ. මාධ්‍ය වුණත් කරන්න ඕනේ කලාකරුවන්ව වැරදියි කියලා පෙන්වන්න උත්සාහ කරන එක නෙමෙයි. ඉතිං මම කැමති නැහැ මේ වෙලාවේ කිසිම දෙයක් ගැන කතා කරන්න. මට පාඩුවේ ඉන්නයි අවශ්‍ය”
 
ඇය මෙසේ කියද්දී සමාජ මාධ්‍යවලින්ම ප්‍රචාරය වන සමිතාගේ අලුත් මියුසික් වීඩියෝවේ කතන්දරයට මෙය ඈඳෙනවාද කියලා අහන්නත්, අපිට සිද්ධ වුණා.
 
“ඒක මියුසික් වීඩියෝවක්ම කියන්න බෑ. කොහොම වුණත් අපි අලුත් දෙයක් කළාම ඒ ගැන කතා කරමු. ඒක හොඳයි නේද?”
 
ඇය පැවසුවේ එවැන්නක්. ඇයගේ ජීවිතය අයිති ඇයට. ඇය ගන්න තීන්දු තීරණ අයිති ඇයට. ඒ රසිකයෝ විදිහට ඔබටවත් මටවත් ඇයගේ ජීවිතය විනිශ්චය කරන්න නම් අයිතියක් නැහැ.
 
ඇයගේ ගීත රස විඳින්න ඔබට මට අයිතියක් තිබුණත්, ඇයගේ ජීවිතයේ තීන්දු තීරණ කුමක් වුවත් එය විවේචනය කරන්නට, ඇයට සහ ඇයගේ දරුවන්ට මඩ ගහන්න රසික ඔබට අවසරයක් නැහැ.
 
ඉදිරියටත් ඇගේ ගීත රස විඳලා ඒ ප්‍රතිචාරය ඇයට දෙමු. ඇයගේ පෞද්ගලික ජීවිතයේ තීන්දු තීරණවලට විනිශ්චයකාරයන් නොවී ඉමු.
 
උපුටා ගැනීම - මව්බිම පුවත්පත

 
Share This Article
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 323 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 1,418 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
ආඝාතය “Stroke” යනු මොළය තුළට නිසි රුධිර...
Hiru Tv Blog
බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සිය සැමියා නික් සමඟ ව්‍යායාම සිදු කරන...
Hiru Tv Blog
තාරුකා “මවක්” වී මේ මොහොතේ හැඟීම් මොන වගේද ගලා යන්නේ?කලින් ගෙවූ සරල සැහැල්ලූ...
Hiru Tv Blog
ජීවිතයේ බලාපොරොත්තු නොවුණු දෙයක් වුණේ. තාත්තා කියන්නේ පොඩි කාලේ ඉඳන් මගේ ජීවිතයේ...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top