නොහිතපු විදිහට කොරෝනා නිසා මාව කොටුවුණා.." - නෙදර්ලන්තයේ ඉඳන් ඇවිත් ලංකාවේ කොටුවුණු, රංගන ශිල්පිනී ලෝචනා ඉමාෂි කියපු කතාව - Photos
Saturday, 30 May 2020 - 15:38 | Views - 498
"වැඩකටයුතු ඉවර කරලා මගේ පුතාව බලන්න යන්නයි ඕනේ.."
 
"කම්මැලිකම නැති කරන්න ඒ දේවල්-වලට සම්බන්ධ වුණා.."
 
ලෝචනා ඉමාෂි කියන්නේ පුංචි තිරයේ ඉන්න දඟකාර කටකාර චරිතයක්. නිරන්තරයෙන්ම නොදැක්කත් ලෝචනාගේ ජනප්‍රියත්වය අඩුවක් වෙලා නැහැ.
 
සැමියා එක්ක නෙදර්ලන්තයේ පදිංචි වෙලා ඉන්න ඇය, පසුගිය දවසක ලංකාවට ඇවිත් හිටියේ නිර්මාණ කටයුත්තකට සම්බන්ධ වෙන්නයි.

ඒත්.. කොරෝනා නිසා ඇයට ආපහු නෙදර්ලන්තයට යන්න බැරිවෙලා.. ඇය ඒ ගැන සතිඅන්ත පුවත්පතකට මෙහෙම කියලා තිබුණා..
 
"මම නෙදර්ලන්තයේ ඉඳන් පුතාවත් මහත්තයා ළඟ තියලා ටෙලි නාට්‍යයකට සම්බන්ධවෙලා ඉක්මණින් ආපහු එන්න හිතාගෙන තමයි ලංකාවට ආවේ.. ඒත් නොහිතපු විදිහට කොරෝනා ප්‍රශ්නයෙන් මාව කොටුවුණා.."
 
"ඇත්තටම පසුගිය මාස දෙකම මම මොනවද කරන්නේ කියන එක හිතාගන්න බැරිව තමයි කාලය ගත කළේ. සැලෝන් එක තිබ්බට ඒකේ වැඩ කරන්නත් බැහැනේ. ඔය අතරේ සජීවි වැඩසටහන් කිහිපයකට ආරාධනා ලැබිලා කම්මැලිකම නැති කරගන්න ඒවාට සම්බන්ධ වුණා... ඒවාට ඉතින් ඇඳිරි නීති බලපත්‍ර ලබාගෙන ගෙදරටම ඇවිත් අපිව එක්කගෙන යනවානේ.."
 
"දැන් ඉතින් ටෙලිනාට්‍යයේ වැඩ ඉක්මනට පටන් ගනිවී. එහෙම වුණොත් ඒ වැඩකටයුතු ඉවර කරලා මගේ පුතාව බලන්න යන්නයි හිතාගෙන ඉන්නේ.."
 
මෙම උපුටාගැනීම දිවයින පුවත්පතෙනි..





 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top