නොහිතපු විදිහට කොරෝනා නිසා මාව කොටුවුණා.." - නෙදර්ලන්තයේ ඉඳන් ඇවිත් ලංකාවේ කොටුවුණු, රංගන ශිල්පිනී ලෝචනා ඉමාෂි කියපු කතාව - Photos
"වැඩකටයුතු ඉවර කරලා මගේ පුතාව බලන්න යන්නයි ඕනේ.."
"කම්මැලිකම නැති කරන්න ඒ දේවල්-වලට සම්බන්ධ වුණා.."
ලෝචනා ඉමාෂි කියන්නේ පුංචි තිරයේ ඉන්න දඟකාර කටකාර චරිතයක්. නිරන්තරයෙන්ම නොදැක්කත් ලෝචනාගේ ජනප්‍රියත්වය අඩුවක් වෙලා නැහැ.
සැමියා එක්ක නෙදර්ලන්තයේ පදිංචි වෙලා ඉන්න ඇය, පසුගිය දවසක ලංකාවට ඇවිත් හිටියේ නිර්මාණ කටයුත්තකට සම්බන්ධ වෙන්නයි.
ඒත්.. කොරෝනා නිසා ඇයට ආපහු නෙදර්ලන්තයට යන්න බැරිවෙලා.. ඇය ඒ ගැන සතිඅන්ත පුවත්පතකට මෙහෙම කියලා තිබුණා..
"මම නෙදර්ලන්තයේ ඉඳන් පුතාවත් මහත්තයා ළඟ තියලා ටෙලි නාට්‍යයකට සම්බන්ධවෙලා ඉක්මණින් ආපහු එන්න හිතාගෙන තමයි ලංකාවට ආවේ.. ඒත් නොහිතපු විදිහට කොරෝනා ප්‍රශ්නයෙන් මාව කොටුවුණා.."
"ඇත්තටම පසුගිය මාස දෙකම මම මොනවද කරන්නේ කියන එක හිතාගන්න බැරිව තමයි කාලය ගත කළේ. සැලෝන් එක තිබ්බට ඒකේ වැඩ කරන්නත් බැහැනේ. ඔය අතරේ සජීවි වැඩසටහන් කිහිපයකට ආරාධනා ලැබිලා කම්මැලිකම නැති කරගන්න ඒවාට සම්බන්ධ වුණා... ඒවාට ඉතින් ඇඳිරි නීති බලපත්‍ර ලබාගෙන ගෙදරටම ඇවිත් අපිව එක්කගෙන යනවානේ.."
"දැන් ඉතින් ටෙලිනාට්‍යයේ වැඩ ඉක්මනට පටන් ගනිවී. එහෙම වුණොත් ඒ වැඩකටයුතු ඉවර කරලා මගේ පුතාව බලන්න යන්නයි හිතාගෙන ඉන්නේ.."
මෙම උපුටාගැනීම දිවයින පුවත්පතෙනි..







