ආධාරකයක්වත් නැතුව බිත්ති දිගේ බඩ ගාන, අවුරුදු 6ක් වයස සික්ස්පැක් කොල්ලා
Friday, 29 May 2020 - 16:44 | Views - 1,329
මිනිස්සු වුනහම සිහින තියෙන්න ඕන... එත‍‍කොට තමයි තමන් ඡීවත්වෙනව කියල දැනෙන්නෙ. එහෙම හීන නැත්තෙ යාචකයන්ටත් වඩා අන්ත මිනිස්සුන්ට විතරයි කියලයි අපි හිතන්නෙ.
 
ඒ වගේම සිහින කියන්නෙ බෝවෙන දෙයක්. මොහොමඩ් කියන මනුස්සයටත් තිබුණ සිහිනයක්. දැන් එයාගෙ පුංචි පුතාටත් තියෙනව සිහිනයක් හරි අලංකාර.............

අරත් හොසෙයිනි
Arat Hosseini
 
ඒ පුංචි එකාට තියෙනව විදේශ ගමන් බලපත්‍රයක්. ඒකෙ සටහන්වෙනව මෙහෙම...........
 
අරත් හොසෙයිනි
වයස අවුරුදු 6 යි
ඉරාන ඡාතිකයෙක්...
 
හොසෙයිනිට අවුරුදු 6 ක් වුනාට එයාට ඉන්නව Instagram සමාඡමාධ්‍ය ඡාලයේ ලෝකයේ ඡනප්‍රිය තාරකාවකට වැඩිය අනුගාමිකයො.
 
කොච්චරක්ද කිවිවොත් අපිට දල වශයෙන් කියන්න පුලුවන් ඒක ලක්ෂ 30 කට වඩා වැඩියි කියල. කොහොමද වයස අවුරුදු 06 ක පුංචි දරුවෙක් මේ සා ඡනප්‍රිය වුනේ. ඒක වෙන්නෙ අරත්ගෙ තාත්තා කොල්ලට වයස අවුරුදක් වෙනකොටම ඡිමිනාස්ටික් උගන්නපු හින්ද.
 
එයාට වයස අවුරුදු දෙකෙදී තාත්ත කියනව කිසිම ආධාරයක් නැතිව බිම ඉදන් බිත්තිය දිගේ බඩගාල සිවිලිම අල්ලනන. පුංචි එකා මේ පරීක්ෂණය අවසන් කරනව සියයයට සීයම ලකුණු අරන්. ඒ වීඩියෝ එකෙන් තමයි ඉන්ස්ටග්‍රෑම් සමාඡඡාලා මාධ්යේ ගිනුමි හිමියෝ අරත් හොසෙයිනි මොනවගේ දරුවෙක්ද කියල දැනගත්තෙ.
 
ඊටත් අවුරුදු දෙකකට පස්සෙ කොල්ලගෙ තාත්ත තවත් වීඩියෝවක් මුදා හරිනව මේ පුංචි එකා අති දක්ෂ ලෙස පාපන්දුවක් හසුරුවන විදිහ ගැන.

ඒ හැසිරවීම මොනතරමි විශ්මිතද කියනවනමි ලෝක පාපන්දු කුසලාන මෙහෙයුම් කමිටුවෙි Twitter සමාඡඡාලා මාධ්‍ය පිටුව ඒක තමන්ගෙ පිටුවට එකතුකරනව. එයාල අහනව කොහෙන්ද ඔබ මේ තාක්ෂණය ඉගෙනගත්තෙ. පුංචි එකා උත්තර දෙනව ‘‘ගෙදරින් ‘‘.ඒක දැකපු ලෝකප්‍රකට තාරකාව ලයනල් මෙසී ඒ විඩීයෝවට පහතින් ප්‍රකාශයක් නිකුත්කරල මෙහෙම කියනව

‘‘ස්තුතියි අරත්. මම විශ්මයට පත්වීමි.කෝ මට ඔබව වැළදගැනීමට ඉඩ දෙන්න ‘‘‍‍ ඒකට අරත් පිලිතුරු දෙනව.
 
‘‘ස්තුතියි ඔබෙි අදහසට. මම දවසක ඔබෙි බාසිලෝනා ක්‍රීඩා සමාඡයට සෙල්ලමි කරන්නව මෙසී. හැම රාත්‍රියකම මගේ සිහින වල ඉන්නෙ ඔබයි මෙසී. ඉඩදෙන්න මටත් ලයනල් මෙසී කෙනෙක් වෙන්න‘‘‍‍
 
පස්සෙ වයස අවුරුදු 6 ක පුංචි දරුවෙකුට ලෝකයේ කීර්තිමත්ම පාපන්දු ක්‍රීඩා සමාඡ ආරාධනා කරනවා වැඩි දුර පුහුණු වීමි වලට. තාත්තයි පුතයි තෝරගන්නව 2019 දි ලෝකයට විශිෂ්ට පාපන්දු ක්‍රීඩකයො හදුන්වල දුන්නු බ්‍රිතාන්‍ය යේ ලිවර්පුල් පාපන්දු ක්‍රීඩා සමාඡයට බැදෙන්න.
 
නමුත් එහි නීත්‍යානුකූල ගිවිසුමිවලට එන්න බෑ තවම හොසෙයිනිට වයස අවුරුදු 6 ක් නිසා. ඊට පස්සෙ තමන්ගෙ පුතා එක්ක මොහමඩි යනව මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාඡය වෙතට. ඒක ආරංචි වෙචිච ගමන් ලිවල්පූල් ක්‍රීඩා සමාඡය නියෝඡිත්යෙක්ව එවනව මොහොමඩිව මුණගැහෙන්න. එයා මෙහෙම කියනව.
 
‘‘අපිව විශ්වාස කරන්න අපිට අවශ්‍යයි ඔබෙි දරුවාව. දැනටමත් ඔහු අපිට අයිති වස්තුවක්. ඒ නිසා ඔ‍‍‍බෙි දරුවා සමග කිසිම පුද්ගලයෙකුට ඡායාරූපයකට හෝ පෙනී සිටින්න බෑ අපේ අවසරය නොමැතිව.‘‘
 
එ කියන්නෙ දැන් මේ පුංචි මිනිහා අන්තර්ඡාතික වස්තුවක්.කො‍‍හොම නමුත් අරත්ගෙ තාත්ත කියන්නෙ වෙනස් කතාවක්
 
‘‘මට අවශ්‍ය අරත්ට හොද පුහුණුවක්. ඒකෙන් කියවෙන්නෙ නෑ මගේ දරුවා අනාගතයෙදි බ්‍රිතාන්‍යට හරි ස්පාඤ්ඤයට හරි ක්‍රීඩා කරනව කියල. අපි ඉරාන ඡාතිකයො එයා සෙල්ලමි කරනවනමි සෙල්ලමි කරයි ඉරාණය වෙනුවෙන්. ඒ වගේම අපිට වෙන කිසිම රටක පුරවැසිභාවය අනවශ්‍යයි ‘‘‍‍
 
හැබැයි ඉතින් සමහර මිනිස්සු මේක දකින්නෙ විවෙිචනාත්මක දෘෂ්ටියකින්. එයාල කියන්නෙ අරත්ගෙ ළමා කාලය පුංචි දරුවෙකුගේ ළමාකාලය නොකර මොහමඩි තමන් ප්‍රාර්ථනා කරන දේ වෙනුවෙන් දරුවගෙ සුන්දර ‍ලමා සිතිවිලි විනාශ කරනව කියල. මොනව කරන්නද හැම තාත්තෙක්ගෙම සිහිනය තමයි
 
‘‘මගේ දරුවන්ට මට වඩා හොද ඡිවිතයක් ‘‘
 
(මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම උපාලි ජයසිංහ- ගේ ෆේස්බුක් පිටුවෙනි.)

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top