ට්විටර් සම්පූර්ණයෙන්ම නැති කරනවා- මං ජනාධිපතිවරයා හැටියට ඒවාට ඉඩ තියන්නේ නැහැ
Friday, 29 May 2020 - 15:21 | Views - 660

ඇමරිකාවේ සමාජ මාධ්‍ය වලට ලෝක බලවතා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් වැට බැඳීමට සුදානම් වෙන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රාන්ත රැසක තැපැල් ඡන්ද විමසීම කෙරෙහි අවධානය යොමු වීමත් සමඟ ජනාධිපතිවරයා විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණා.
එහි ඔහු සඳහන් කර තිබුණේ... මැතිවරණයේදී ඡන්ද පෙට්ටි මංකොල්ලයක් සිදුවීමට ඉඩ කඩ ඇති බවයි..
මේ අතර... ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය වන ට්විටර් සහ ෆේස්බුක් වෙත දැඩි විවේචනයක් එල්ල කර තිබූ බව ද වාර්තා වනවා. එම මාධ්‍ය පක්ෂග්‍රාහීව කටයුතු කරන බවටයි එම චෝදනාවෙන් කියවුණේ..
"ට්විටර් සම්පූර්ණයෙන්ම නැති කරනවා. මං ජනාධිපතිවරයා හැටියට ඒවාට ඉඩ තියන්නේ නැහැ..." යනුවෙනුයි ඔහු සඳහන් කර ඇත්තේ. "ඒක නීත්‍යානූකූලව කළ හැකි දෙයක් නම් මම ඒක කරන්න පසුබට වෙන්නෙ නැහැ.."
මේ සඳහා පිළිතුරු ලබා දෙමින්, ට්විටර් සමාගම ප්‍රකාශ කළේ, ජනතාවගේ මතවාද සඳහා ට්විටර් මාධ්‍ය ජාලය නිදහස අත්පත් කර දී ඇති බවයි...
එමෙන්ම... මාර්ක් සකර්බර්ග් (ෆේස්බුක් ප්‍රධානියා) පැවසුවේ, යමක් සම්බන්ධයෙන් ජනතාව පවසන දෙයක් ගැන තීන්දු තීරණ ගැනීම තමන්ට අදාළ කාරණාවක් නොවන බවයි.
මේ වන විට සමීක්ෂණ-වලින් හෙළි වී ඇති පරිදි ලෝක බලවතාගේ ජනප්‍රියත්වය ක්‍රමයෙන් අඩු වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. මේ හේතුවෙන්ම.. ඔහු දැන් දැන් ඉතා හාස්‍යජනක දේ ප්‍රකාශ කරමින් තව තවත් තම ජනප්‍රියත්වයට හානි පමුණුවා ගනිමින් සිටින බවටයි විචාරකයින් පෙන්වා දෙන්නේ..
කොරෝනා තමාගේ මැතිවරණය අඩපණ කිරීමේ අරමුණින් චීනය එවූ ත්‍යාගයක් බවත් ඔහු වරෙක සඳහන් කළා. තමන්ට හිමි ජනප්‍රියත්වය අවම කර තමාව මැතිවරණයෙන් පරාජය කිරීම සඳහා "කොරෝනා" නෑගම් පැමිණි බවයි ඔහු පැවසූයේ...
මේ අතර ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය කාටූන් ශිල්පීන් ද උපහාසයට ලක් කර ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
Share This Article