අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර පුදබිමේ
Friday, 29 May 2020 - 14:58 | Views - 580
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පෙරවරුවේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තා.
අනුරාධපුරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා පළමුවෙන් රුවන්වැලි සෑ චෛත්‍යරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු රුවන්වැලිසෑය වැඳ පුදා ගත් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.
අනතුරුව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තා.
Share This Article