පී.සී.ආර්. පරීක්ෂණ ගුවන්තොටුපලේදීත් - විෂයභාර ඇමතිනියගෙන් සෞඛ්‍ය අංශවලට උපදෙස්
Friday, 29 May 2020 - 14:34 | Views - 964
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණෙන මගීන් එම පරිශ්‍රය තුළදීම පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කිරීමට අවශ්‍ය පහසුකම් කඩිනමින් සකස් කරන ලෙසට විෂය භාර ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග සමඟ ඊයේ කටුනායක ගුවන්තොටුපලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුවයි.
මෙරටට පැමිණෙන රෝගීන්ගෙන් ගුවන්තොටුපලේ ආරක්ෂක අංශ මෙන්ම, ආගමන විගමන නිලධාරින් ඇතුළු සියලූම අංශවලට කොවිඩ් ආසාදනය වීම වැළැක්වීම එහි අරමුණ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
Share This Article