සමගි ජනබලවේගයේ 99කගේ එජාප සාමාජිකත්වය අහෝසි කිරීමට රනිල් ගත් තීරණයට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික අනුමැතිය
Friday, 29 May 2020 - 12:44 | Views - 429
සමගි ජනබලවේගයෙන් නාම යෝජනා ලබාදුන් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගනු ලැබූ තීරණය කෘත්‍යාධිකාරී මණ්ඩලය අද ඒකමතිකව අනුමත කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් නීතිඥ නිශ්ශංක නානායක්කාර මේ බව සනාථ කළා.  

ඉදිරි මහමැතිවරණයට සමගි ජන බලවේගයෙන් නාම යෝජනා ලබා දුන්  එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් සියයකට ආසන්න පිරිසකගේ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පසුගියදා තීරණය කළ අතර, ඊට අදාළ ලිපි එම නියෝජිතයින් වෙත යොමුකර තිබුණා.

කෙසේ වෙතත්, සමගි ජන බලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර සාමාජිකයින් තම කණ්ඩායම සමඟ සිටීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සුළුතරයකට ඒ පිළිබද තීරණයක් ගත නොහැකි බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top