සමගි ජනබලවේගයේ 99කගේ එජාප සාමාජිකත්වය අහෝසි කිරීමට රනිල් ගත් තීරණයට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික අනුමැතිය
Friday, 29 May 2020 - 12:44 | Views - 430
සමගි ජනබලවේගයෙන් නාම යෝජනා ලබාදුන් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගනු ලැබූ තීරණය කෘත්‍යාධිකාරී මණ්ඩලය අද ඒකමතිකව අනුමත කළා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් නීතිඥ නිශ්ශංක නානායක්කාර මේ බව සනාථ කළා.
ඉදිරි මහමැතිවරණයට සමගි ජන බලවේගයෙන් නාම යෝජනා ලබා දුන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් සියයකට ආසන්න පිරිසකගේ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පසුගියදා තීරණය කළ අතර, ඊට අදාළ ලිපි එම නියෝජිතයින් වෙත යොමුකර තිබුණා.
කෙසේ වෙතත්, සමගි ජන බලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර සාමාජිකයින් තම කණ්ඩායම සමඟ සිටීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සුළුතරයකට ඒ පිළිබද තීරණයක් ගත නොහැකි බවයි.
Share This Article