අක්කා සිය සැමියා සමඟ එක්ව තමන්ගේ සහෝදරිය කැළයකට ගෙන ගොසින් සිදුකළ අහස පොළව නුහුලන අපරාධය
Friday, 29 May 2020 - 11:23 | Views - 896
වැල්ලවාය ඌව කුඩාඔය පොලිස්බල ප්‍රදේශයේ තෙලුල්ල ජනපදය නයිගල් ආර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිතුනක් වන තරුණියක් ඝාතනය කිරීමෙ සිද්ධියට සම්බන්ධ එම තරුණියගේ සහෝදරියක් සහ ඇගේ ස්වාමි පුරුෂයා බවට පැවසෙන පුද්ගලයකු ඌව කුඩාඔය පොලිසිය විසින් ඊයේ (28) පස්වරුවේ දී අත්අඩංගුවට ගෙනතිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නයිගල් ආර තෙළුල්ල ලිපිනයේ පදිංචි හෙට්ටිආරච්චිගේ තක්ෂිලා සදුන් දීපානී නැමති වයස අවුරුදු විසිතුනක වන අවිවාහක තරුණියක්.

මෙම තරුණිය පසුගිය පස් වනදා නිවසෙන් අතුරුදන් වී ඇති බවට ඌව කුඩාඔය පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. ඒ ඔස්සේ සිදු කල විමර්ශනයන් සහ මියගිය මෙම තරුණියගේ පෙම්වතාගේ උපක්‍රමශීලීභාවය නිසා ඊයේ (28)  දින මෙම අපරාධය පිළිබඳව තොරතුරු අනාවරණය වුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සහෝදරිය සහ ඇගේ ස්වාමිපුරුෂයා විසින් ඝාතනය වූ තරුණිය කිසියම රැකියා කටයුත්තක් යාම සදහා මාර්ගයේ ගමන් කරමින් සිටින අතර තුර ඒ මාර්ගය අසල ඇති කෑලෑවකට රැගෙන ගොස් පොල්ලකින් පහර දී මරාදමා ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත. එම ඝාතනය සිදු කලස්ථානය සැකකරුවන් විසින් පොලිසියට පවසා ඇති අතර පසුව පොලිසිය එම ස්ථානයටගොස් සොයා බැලීමේ අස්ථි කොටස් කිහිපයක්,හිස් කබල,ඇදුම් සහ බෑගයක්ද සොයාගෙන තිබෙනවා.

දැනට අනාවරණය වන තොරතුරු වලට අනුව මෙම මියගිය තරුණිය ජීවත් වූ නිවස සහ ඉඩම ලබාගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදු කර ඇති බවට අනාවරණය වී ඇති බව කුඩාඔය පොලිසිය පවසනවා.මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු විසි අටක් වනකාන්තාව සහ ඇගේ ස්වාමි පුරුෂයා බවට පැවසෙන පුද්ගලයා වන වයස අවුරුදු දහ අටක පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පොලිසිය සදහන් කරනවා.


ඔක්කම්පිටිය - ඉදුනිල් අළුත්ගෙදර
මව්බිම

















Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top