29 හැවිරිදි තරුණයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කෙරේ
Friday, 29 May 2020 - 10:06 | Views - 984
හම්බෙගමුව - කොටවෙහෙරමංකඩ ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා.
ඊයේ රාත්රියේ ප්රදේශයේ නිවසක පැවති උත්සවයක් අතරතුර පුද්ගලයින් පිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ 29 හැවිරිදි නෑබඩපැලැස්ස - කොටවෙහෙරමංකඩ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
Share This Article