මත්ද්‍රව්‍ය-වලට ඇබ්බැහි වී ජීවිතයම නන්නත්තාර කරගත්, සුමේධගේ පාපොච්ඡාරණය - Video
Friday, 29 May 2020 - 8:45 | Views - 486
සමාජ සංස්ථා ගොඩ නැඟී මනුෂ්‍යයා සමාජානුයෝජනය වීමේදී විවිධ මානසික හේතු මුල් කරගෙන ගැහැණුන් සහ පිරිමින්, සාමාන්‍ය ලෙස විවිධ දේ සඳහා ඇබ්බැහි වනවා.
 
මනුෂ්‍යයාගේ මැදිහත් වීමෙන් මත්වීම, මත්ද්‍රව්‍ය භාවිතය, මානව සංසකෘතියට එකතු කරගත් දා සිටම නූතන සමාජය දක්වා විකාශය වීම අතරතුර, විවිධ මත්ද්‍රව්‍ය සොයා ගනිමින් භාවිතා කොට තිබෙනවා.
 
විවිධ සමාජ ස්ථරවල විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය භාවිත කරන මිනිසුන් තම නීරෝගීභාවයට පමණක් නොව සමස්ථ මානව සමාජයට ද අභියෝග කොට එය දරුණු සමාජ ඛේදවාචකයක් බවට ද පත් කරගත්තා.

අද වන විට ලෝකය පුරා හෙරොයින්, කොකේන්, එල්එස්ඩී, ටැබ්ලඩ්, අයිස්, ගංජා යන එකී නොකී මත්ද්‍රව්‍ය මානව සමාජය පුරා ව්‍යාප්තව ඇති අතර ඉන් නිරාවරණය වීමම අභියෝගයක්........
 
විවිධ ඇබ්බැහි වීම් බහුල ලෝකයේ මතින් මත් නොවී සිටින නීරෝගී මානවයින් බිහි කිරීමට අපි කැපවෙමු.
 
"උමතු" යනු මතට ඇබ්බැහි වූවන් ගැන ඔබට කියන මුළු මහත් සමාජයම දැනුවත් කිරීම සඳහා වන හිරුටීවී ඔස්සේ විකාශය වූ නාට්‍යයක්..
 
මේ එහි පළමු දිගහැරුමයි...
 
ජීවිතේ සමහර මතකයන් අපිට රිද්දනවා, අපිව අඬවනවා.. ඒ සමහරක් මතකවලින් මිදෙන්න අපිට ඕනෑ හැටියට කරන්න පුළුවන්කමක් නැහැ...
 
ඇබ්බැහි වෙච්ච ජීවිත කතාවල තවත් ජීවිත කතාවක් මේ.....
 
ඔහු නමින් සුමේධ.. ඉගැනුමට දක්ෂ හාදයෙක් වුණත්... ඔහු නිකරුණේම සමාජය කියන්නාක් මෙන් "කාලකණ්ණියෙක්" බවට පත් වෙනවා..
 
ඒකට ප්‍රධානතම සහ ආසන්නතම හේතුව වුණේ නරක මිත්‍ර සමාගම්.. ඒවායින් මිදෙන්න බැරි තැන අවුරුදු 13ක් වෙච්ච සුමේධ සිගරැට්ටුවක් අත්හදා බලනවා. ඒකෙන් මිදෙන්න බැරි තැන, තාත්තාගෙන් සල්ලි හොරකම් කරලා ඔහු සිගරැට්ටුවෙන් තමන්ගේ හිත නිවාගන්නවා...
 
ගංජාවලට මතක ශක්තිය වඩවන්න ඇහැකි බවත්, තවත් විටෙක ඒවා ශරීරයට අහිතකර දේවල් නොවන බවත් සුමේධගේ නරක මිතුරන් නිතරම වගේ මැතිරුවා. මේ මන්තරය හරි හැටි තෝරාගන්න බැරිවුණු සුමේධ ගංජාවලට.. එතනින් එහා තවත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා..
 
සුමේධගේ පෙම්වතිය අසල්වැසි පාසලක. ඈ සුමේධගේ මේ කෙරුවාවල් නොදැන සිටියා නොවේ. ඒත්.. ඈත් අන්ත අසරණ වෙනවා සමහර තැන්වල. සුමේධ දවසින් දවස මත්ද්‍රව්‍ය එක්ක ඔට්ටු වෙද්දි... හදිසියේ කොළඹ රටටත් සේන්දු වෙනවා.
 
සුමේධගේ ජීවිතේ කණපිට ගැහෙන්නේ කොළඹ ආපු ගමනත් එක්කම යි..
 
මත්ද්‍රව්‍ය-වලට ඇබ්බැහි වී ඔවුන් උරුමකරගත් ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට උරුම නොවීමට නම් මේ හෝරාව දෙස අවනත නැති හිත්අවනත කරවාගෙන මත් නැති නෙතින් නිවැරදි සිහියෙන් යුතුව දෑස් හැර බලන්න..
 
මතින් මත් නොවුණු පිණිසයි....!!
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top