ප්‍රහාරයකට ලක් වූ සුරූපී තරුණියගේ ඡායාරූප පෙළ, සමාජ මාධ්‍යයේ කතාබහට ලක් වෙයි
Friday, 29 May 2020 - 8:34 | Views - 727
දකුණු ලන්ඩනයේ සුරූපී තරුණියකට සිදුවූ අකරතැබ්බයක් ගැන කතා පුවතක්, The Sun පුවත් අඩවිය වාර්තා කර තිබුණා.
 
19 හැවිරිදි මෙම සුරූපී තරුණිය මැර පිරිසකගේ ප්‍රහාරයට ලක්ව, ඇගේ මුහුණ සහ උරහිස ද තුවාල කරගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

එරින් හස්ලෙහැම් නම් මෙම තරුණියට සිඩ්කප්හිදී සිදුවූ මෙම පහර දීමෙන් පසු ඇගේ හිසෙන් රුධිරය ගලා යාමට පටන් ගෙන තිබෙනවා.
 
වයස අවුරුදු 30ක් පමණ වූ මෙම මැරවරයා එරින්ට "හූ" හඬ දී උසුළු විසිළු කර ඇති අතර "ඔබ වැඩුණු මිනිසෙක්... මට පහර දෙන්නද හදන්නේ..?" යනුවෙන්ද ඇය විමසා තිබෙනවා.
 
කෙසේ වෙතත් ප්‍රහාරයට ලක් වූ ඇගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
 
එරින් පැවසුවේ, ඇය තවමත් වේදනාවෙන් පසුවන බවයි.
 
"මම තවමත් ඒ ගැන ඉන්නේ කම්පනයෙන්, මම බයයි මගේ ගෙදරින් යන්න, මගේ අම්මා මට කොහේවත් යන්න දෙන් නෑ.."
 
"ඔහු මා ඉදිරිපිට සිට මට පහර දුන්නා.. මට වෙන කිසිවක් මතක නැහැ. ඔහු මහා භයානක පුද්ගලයෙක්.."
 
මෙම ප්‍රහාරය සිදුවන විට රාත්‍රී 8.40 පමණ වන්නට ඇති බවයි ඇය පැවසූවේ.
 
පහර දුන් තැනැත්තා අඩි හයක් පමණ උස පච්චා කොටාගත් රතු කොට කලිසමකින් සැරසුණු අයෙකු බව ඇය පොලිසියට සඳහන් කර තිබෙනවා.
 
The Sun ඇසුරිනි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top