පාසල් දැරියකට කැත වැඩක් කරපු නරුමයින් දෙදෙනෙකුට සිදු වූ දේ
Thursday, 28 May 2020 - 16:45 | Views - 442
වැල්ලවාය ඌව කුඩාඔය පොලිස්බල ප්‍රදේශයේ නයිගල්ආර ප්‍රදේශයේ පදිංචි පාසල් දැරියක් අපයෝජනය කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු ඌව කුඩාඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කුඩාඔය නයිගල්ආර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිහය සහ විසිහතර යන වයස්වල පසුවන්නන් බව පොලිසිය පැවසුවා.
සැකකරුවන් අද වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ඌව කුඩාඔය පොලිසිය විසින් සිදු කරනවා.
උපුටා ගැනීම - මව්බිම පුවත්පත
Share This Article