අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන්ගේ දේහය, රාජ්‍ය ගෞරව සදහා අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකිර්ණයට රැගෙන එනු ලැබුවා.
පසුගිය 26 වැනිදා රාත්‍රියේ හෘදයාබාධයකට ලක්ව දිවියෙන් සමුගත් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීමට පෙර තැන්පත් කර තිබුණේ බත්තරමුල්ලේ පිහිටි ඔහුගේ නිවසේයි.
ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් ඇතුලු පිරිසක් එක්ව සිටියා.
අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකිර්ණයට රැගෙන එනු ලැබුවේ පෙරවරු 11.10 ට පමණයි.
පාර්ලිමේන්තු සංකීර්ණය අභියසදී හිටපු අමාත්‍යවරයාගේ දේහය භාරගනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු කථානායක කරූ ජයසුරිය, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක ඇතුලු දේශපාලන නියෝජිතයින් විසින්.
පසුව රතු පලස මතින් පාර්ලිමේන්තුව සම්ප්‍රදායානුකූලව වේත්‍රධාරින් පෙරටුකොටගෙන රැගෙන එනු ලැබු ආරුමුගන් තොණ්ඩමන් අමාත්‍යවරයාගේ දේහය පාර්ලිමේන්තු සංකිර්ණයේ ඉදිරිපස පිහිටි උත්සව ශාලාවේ තැන්පත් කළා.
අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරුමුගම් තොන්ඩමන් අමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවා.
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් දේහයට අවසන් ගෞරව දැක්වීම සිදු කළේ ඉන් අනතුරුවයි.
පසුව දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයද අමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවා.
පෙරවරු 11.50 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කර තිබූ අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන්ගේ දේහය පස්වරු දෙකට කොල්ලුපිටියේ පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානය වෙත රැගෙන යාමට නියමිතයි.
අනතුරුව හෙට පස්වරු 7 ට දේහය රම්බොඩ - වැවන්ඩන් වතු යායේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන යන අතර හැටන් - කොටගල පිහිටි නිවසටද අමාත්‍යවරයාගේ දේහය රැගෙන යනු ඇති.
අමාත්‍යවරයාගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන 31 වනදා රාජ්‍ය අනුග්‍රහය සහිතව හැටන් නෝවුඩ් කිී‍්‍රඩාංගණයේදි සිදුකිරීමට නියමිතයි.
