35 වියැති පෙම්වතා සමඟ පැන ගිය 14හැවිරිදි දියණිය, පියා අතින් ඝාතනය වෙයි
Thursday, 28 May 2020 - 11:13 | Views - 2,128
තම 14 හැවිරිදි දියණිය ඝාතනය කළ ඉරාන ජාතිකයෙක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අපරාධය සම්බන්ධ‍යෙන් එරට ජාතික පුවත්පත් විශේෂයෙන් වාර්තා කර තිබූ අතර එරට බොහෝ පිරිස් මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරමින් සිටිනවා.

මියගිය Romina Ashrafi තම 35 හැවිරිදි පෙම්වතා සමග නිවසින් පැන ගොස් ඇත්තේ ඇගේ පියා මෙම විවාහයට විරුද්ධත්වය පෑම හේතුවෙන් බවයි සදහන් වන්නේ.

පියා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරව පොලිසිය ඇය නැවත නිවසට යවා තිබෙනවා.

නිවසට පැමිණි ඇය පියා විසින් ඝාතනය කර තිබෙන්නේ දෑකැත්තක් වැනි ආයුධයකින් බව සමාජ මාධ්‍ය වල සඳහන් වනවා.

පර්සියාවේ #Romina_Ashrafi ඇතුල‍ත් ට්විටර් පණිවිඩ 50, 000කට වඩා සටහන් තබා තිබෙනවා.

අවසානයක් දකින්නට නොමැති මේ ආකරයේ ඝාතන සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන දැඩි විරෝධය පළ කරමින් සිටිනවා.

පවුලේ නාමයට අපකීර්තියක් ගෙන දෙන පුද්ගලයන් ඝාතනය කරන්නට එරට මුස්ලිම් නීතිය අනුව පියාට බලය හිමි වනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top