ඊ.ටී.අයි. සහ වෙනත් මූල්‍ය තැන්පත්කරුවන් ගැන අගමැති සමඟ සාකච්ඡාවක්
Thursday, 28 May 2020 - 11:02 | Views - 438
ඊ.ටී.අයි. සහ වෙනත් මුල්‍ය තැන්පත්කරුවන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් ලබන සතියේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරුවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ මහබැංකු නිලධාරීන් කිහිපදෙනෙකු මෙම සාකච්ඡාව සඳහා එක්වනු ඇති බවයි.
මෙහිදී තැන්පත්කරුවන්ට ලබාදිය හැකි සහන සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවද ඔහු කියා සිටියා.
Share This Article