ලොව සූදු ක්‍රීඩාවේ රජු ලෙස විරුදාවලිය ලත් ස්ටැන්ලි හෝ මියගොස් තිබේ.
ස්ටැන්ලි හෝ හොංකොං ජාතිකයකු වූ අතර මියයන විට 98 වන වියෙහි පසුවිය. ඔහු ආසියාවේ ප්රමුඛ පෙළේ ධනවතෙකු විය.
මැකාවෝ රාජ්‍යය ලෝකයේ සූදු ක්‍රීඩාවේ අගනගරය බවට පත් කළේ ඔහු විසිනි. ලොව සුපිරි ධනවතුන්ගේ සුපිරි සූදු
පොළවල් රැසක් ඔහුට අයත්ය.
එහෙත් ඔහු තම පවුලේ අයට සහ සමීපතමයන්ට නිතරම පැවසුවේ සූදු ක්‍රීඩාවේ නොයෙදෙන ලෙසය. 1960 දී මැකාවෝ හි කැසිනෝ ඒකාධිකාරය ඔහුට හිමි විය. ඔහුගේත් මැකාවෝ දේශයේත් නැගීම එය විය.
පසුව ඔහු කැසිනෝ ව්‍යාපාරය හොංකොං, පෘතුගාලය හා උතුරු කොරියාවටද ව්‍යාප්ත කළේය.
2018 වසරේදී ව්‍යාපාර තම පවුලේ අයට භාරදී ඔහු විශ්‍රාම ගත්තේය. ඔහුට නීත්‍යානුකූල බිරින්දෑවරු හතර දෙනෙකි. නීත්‍යානුකූල දරුවන් 17 දෙනෙකි. මීට වඩා තවත් බොහෝ බිරින්දෑවරු හා දරුවන් ඔහුට සිටින බවද පැවසේ. එහෙත් ඒවා නීත්‍යානුකූල වූ ඒවා නොවේ.
