තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට
Thursday, 28 May 2020 - 8:04 | Views - 503

අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තු සංකිර්ණය වෙත රැගෙන ඒමට නියමිතයි.
දේහයට රාජ්‍ය ගෞරව දැක්වීම සඳහා එය උදෑසන 10.45 සිට විනාඩි 15 ක කාලයක් එහි තැන්පත් කර තැබෙනු ඇති.
අනතුරුව පස්වරු දෙකට දේහය කොල්ලූපිටියේ පිහිටි ලංකා කම්කරු කොංග්රස් මූලස්ථානය වෙත රැගෙන යාමට නියමිත අතර, පසුව හෙට පස්වරු හතට, දේහය රම්බොඩ - වැවන්ඩන් වතුයායේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන යාමට නියමිතයි.
මේ මස 30 වනදා අමාත්‍යවරයාගේ දේහය හැටන් - කොටගල පිහිටි නිවසටද රැගෙන යන අතර, 31 වනදා නෝවුඞ් ක්‍රීඩාංගනයේදී පස්වරු 3 ට අවසන් කටයුතු සිදුකිරීමටයි සැළසුම් කර ඇත්තේ.
මේ අතර අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ අභාවය පිළිබඳ සැළවීමත් සමඟ තමා ශෝකයට පත්වූ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු තොණ්ඩමන් අමාතවරයාගේ පවුලේ සාමාජිකයින්ට සිය කණගාටුව පළ කළා.
එමෙන්ම අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් වෙනුවට ඉදිරි මහ මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග වැදීම සඳහා ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් ඉදිරිපත් කිරීමට ලංකා කම්කරු කොංග්‍රසයේ දේශපාලන මණ්ඩලය ඊයේ තීරණය කර තිබෙනවා.
අදාළ තීරණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ඊයේ දැනුම්දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා එම කොංග්‍රසයට දැනුම්දුන් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.
මේ අතර අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් පසුගිය කැබිනට් රැස්වීම්වලදී වතුකරයේ දමිල ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී අවධානය යොමුව තිබෙනවා.
Share This Article