වසර 11ක විවාහ ජිවිතයට තිත තැබූ බොලිවුඩ් නළු නවිසූදාන්
Wednesday, 27 May 2020 - 16:52 | Views - 1,788
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළුවෙකු වූ නවිසූදාන් සිද්ධික් මෑත කාලයේ බොලිවුඩයේ වැඩිපුරම කතාබහට ලක්වූ සිනමා නළුවෙකු බවට පත් වුනා. ඒ ඔහුගේ අලුත්ම හාස්‍යමය චිත්‍රපටය වූ ‘ගූම්කෙටු’ චිත්‍රපටයේ ප්රචාරක දැන්වීම් හා ප්‍රචාරකපටය මේ වනවිට එළිදක්වා ඇති නිසා. ‘කොරෝනා’ වසංගතය නිසාවෙන් මෙම චිත්‍රපටය තිරගත වෙන දිනය තවමත් ප්‍රකාශයට පත් කර නැහැ
කොහොම නමුත් නවිසුදාන්ගේ පෞද්ගලික ජීවිතය අලලා මේ වනවිට තොරතුරු රැසක්ම වාර්තා වන අතර, වසර 11ක කාලයක් තිස්සේ නව්සූදාන් සමගින් විවාහ වී සිටි ආලයා ඇයගෙන් දික්කසාද වීමට අවසර ඉල්ලා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙමින් නව්සූදාන් මේ වනවිට ඇයගේ ‘වට්සැප්’ දුරකථන අංකයට අවශ්‍ය කරන ලිපි ගෙනු යොමු කර ඇතැයිද වාර්තා වෙනවා.
Share This Article