ඛනිජ තෙල් සංස්ථාවේ කෘෂි නිෂ්පාදන යළි ඇරඹීමට උපදෙස්
Wednesday, 27 May 2020 - 16:38 | Views - 450
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිපදවූ ඉහළම ප්‍රමිතියෙන් යුත් කෘමිනාශක ඇතුලු කෘෂි නිෂ්පාදන යළි ඇරඹීමට විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදීයි.
සාධාරණ මිලකට ලබාගත හැකි ඉහළ ප්‍රමිතියෙන් යුතු කෘමිනාශක ඇතුලු කෘෂි නිෂ්පාදන යළි ආරම්භ කිරීමට පියවර ගන්නේ නම් එය මෙරට ගොවි ජනතාවට සහනයක් වනු ඇති බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.
Share This Article