වසර ගණනාවක් පුරා පවත්වන්නට නොහැකි වූ SLPL ලබන අගෝස්තුවේ
Wednesday, 27 May 2020 - 15:09 | Views - 1,029
වසර ගණනාවක් පුරා පවත්වන්නට නොහැකි වූ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලිය ලබන අගෝස්තු මාසයේදී මෙරටදී පැවැත්වීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසනවා.
ඔහු මේ බව අනාවරණය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පරික්ෂණයන් සිදු කිරීම සඳහා රුපියල් මිලියන 15 වටිනා PCR
යන්ත්‍රයක් සහ සෞඛ්‍ය උපකරණ ක්‍රීඩා වෛද්‍ය ආයතනය වෙත පරිත්‍යාග කිරීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් පළකරමින්.
පසුගිය සති කිහිපය පුරාවටම මතභේදයට තුඩුදුන් දියගම ඉදිකිරීමට සැලසුම් කර තිබු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් ද මෙහිදී ක්‍රිකට් සභාපතිවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.
Share This Article